ශ්රී ලංකාව තුළ මැයි 6 වැනි දින පැනවූ හදිසි නීතිය පාර්ලිමේන්තුවට අනුමැතිය සඳහා ඉදිරිපත් නොකළ රෙගුලාසි සමඟ අවලංගු වී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක අංශවලට පුළුල් බලතල ලබාදෙමින් දෙවන වරටත් හදිසි නීතිය මැයි මස මුලදී ප්රකාශයට පත් කළේය.
2022 මැයි 20 වන දින සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීති රෙගුලාසි ක්රියාත්මක නොවන බව ශ්රී ලංකා ජනාධිපති කාර්යාලය තහවුරු කළේය.
හදිසි නීති රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු නමුත් එය ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර ඇත.
මූලාශ්රය: නිව්ස් වයර්