අවශ්‍ය ද්‍රව්‍ය:
- බිම්මල් ග්‍රෑම් සීයක්
- ලියාගත් ලියා ගත් ලොකු ලූනු ගෙඩි එකක්
- කොටු කපාගත් තක්කාලි ගෙඩි එකක්
- බිත්තර ගෙඩි පහක්
- හින්ව ලියාගත් අමූ මිරිස් කරල් දෙකක්
- කෑලි මිරිස් මේස හැඳි එකක්
- පාන් පිටි මේස හැඳි දෙකක්
- බටර් ග්‍රෑම් පනහක්
- තක්කාලි සෝස් මේස හැදි එකක්
සාදන ක්‍රමය:
බිත්තර කඩා පාන් පිටි එකතු කර ලුණු ගම්මිරිස් දමා හොඳින් ගසා ගන්න. සාස්පානකට බටර් දමා රත්කර තක්කාලි ලූනු අමු මිරිස් සහ කුඩාවට කපාගත් බිම්මල් එකතු කර බදින්න. බැඳුණු පසු බිත්තර එම මිශ්‍රණයට එකතු කර ඔම්ලට් එක සාදා ගන්න.
මෙය පොඩිත්තන් ආසාවෙන් රස බලන රසවත් කෑමක් වේවි. (aayubo)
Buzzer.lk සහ Buzzer Food සමඟ සම්බන්ධ වීමෙන් විවිධ ආහාර සහ ආහාර වට්ටෝරු ගැන වැඩි විස්තර දැන ගන්න.