20 වතාවක් ලෝක ග්රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ටෙනිස් ශූරතාවය හිමි කරගත් ටෙනිස් ශූර රොජර් ෆෙඩ්රර් ලෝක ටෙනිස් පිටියෙන් විශ්රාම ගෙන තිබෙනවා.
ඔහු සහභාගී වූ අවසන් තරගය අද (24) පැවති අතර එහිදී රොජර්ගේ ප්රබල ප්රතිවාදියෙකු වූ රෆායල් නඩාල් සමඟ යුගල තරගයකට සහභාගී වුණා. කෙසේ වෙතත් රොජර්ට සහ රෆායල් හට අමෙරිකානු ක්රීඩකයන් දෙදෙනා හමුවේ පරාජයට පත්වීමට සිදුවුණා.
සිය අවසන් තරගයට ක්රීඩා කරන රොජර් හට සුබ පැතීම සඳහා ටෙනිස් ශූරයන් රැසක් සහභාගී වී සිටි අතර එහිදී රෆායල් සහ රොජර් සංවේදී වූ අවස්ථාව බොහෝ දෙනාගේ අවධානයට යොමුවී තිබුණා.