බොලිවුඩයේ සුපිරි ගායකයකු වන ක්‍රිෂ්ණකුමාර් කුන්නාත් හෙවත් හැමෝම දන්නා පරිදි KK ඊයේ (31) රාත්‍රියේ කොල්කටාහි සජීවී ප්‍රසංගයකට සහභාගි වීමෙන් අනතුරුව දිවි මඩලට සමුදී තිබෙනවා.
මිය යන අවස්ථාවේ ඔහු 53 වන වියේ පසුවූ අතර සජීවී ප්‍රසංගය අවසන්වී සුළු මොහොතකට පසු රාත්‍රී 10.30 ට ඔහු තම නවාතැන් ගත් හෝටලයට ගමන් කරන විට යම් අසනීප තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්ථා වේ.
ඔහුව දකුණු කොල්කටා හි පෞද්ගලික රෝහලකට රැගෙන යන අතරතුර මියගොස් ඇති බවයි එරට වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.
භාෂා ගණනාවකින් KK ගීත ගයනා කර ඇති අතර හින්දි, දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම්, මරාති සහ බෙංගාලි යන භාෂාවලින් ගීත පටිගත කර ඇති බවයි සඳහන් වන්නේ.