මෙම සුන්දර මුහුදු වෙරළ පිහිටා තිබෙන්නේ මුද්හෝ (Mudhdhoo) නම් වූ දූපතෙහියි. එය රා අටෝල් (Raa Atoll) හි පිහිටා තිබෙන වාදෝ (Vaadhoo) දූපත ලෙසද හදුන්වනවා. මෙම දුපතෙහි නැරඹීමට තිබෙන ස්ථාන අතරින් සංචාරකයන් විශාල ප්‍රමාණයක් යන එන ස්ථානයක් ලෙස දිදුළන මුහුදු වෙරළ හදුන්වන්නට පුළුවන්. එහි අදහාගත නොහැකි සුන්දරත්වයකින් පිරී තිබෙනවා. මෙය වඩාත් හිත් ඇදගන්නා සුළු වන්නේ මෙහි ඇති ප්‍රතිදීපන සංසිද්ධිය, නොහොත් දිදුළන රළ නිසාවෙනි.
මෙම ස්වාභාවික සංසිද්ධිය ඇති වීමට හේතුව වන්නේ මෙම මුහුදේ ජලයෙහි සිටින මිලියන ගණන් වූ “Phytoplankton” ලෙස හදුන්වන ජලයේ පාවෙන ක්ෂුද්‍ර ජීවීන් කොට්ටාශයක් නිසාවෙනි. මෙම Phytoplankton ජෛව විච්ඡේදනය (bioluminescent) වන අතර ඉර බැස යාමෙන් අදුරු වන අහසත් සමගම මෙම අන්වීක්ෂීය ක්ෂුද්‍ර ජීවීන් උද්දීප්ත වූ නිල් පැහැයක් විහිදුවනවා. මෙම සංසිද්ධිය මුහුදු රළ හෙමින් වෙරළට ගහද්දී දිදුළන්නටද හේතු වනවා එමෙන්ම මාලදිවයිනේ ඉර බැස යනවාත් සමගම කාලය ගත කරන්න මෙම ස්ථානය උත්කෘෂ්ට වනවා.

මෙම දිදුළන මුහුදු වෙරළ නැරඹීමට ඇති හොඳම කාල වකවානුව වන්නේ ජූනි මාසය සහ ඔක්තෝම්බර් මාසය අතර ග්‍රීෂ්ම කාලයේදීය. මෙම ස්ථානය පික්නික්ස්, ඉවෙන්ට්ස්, රොමෑන්ටික් ඩිනර් අවුට්ස් සහ ජල ක්‍රීඩා සඳහාද මතකයන් අමතක නොවන සුන්දර ස්ථානයක් ලෙස නැරඹීමට හැකි වනවා. ඉතින් ඔබත් මාලදිවයිනට ගියොත් අනිවාර්යයෙන්ම මෙම සුන්දර ස්ථානය නැරඹීමට අමතක කරන්න එපා. එමෙන්ම අපද්‍රව්‍ය එහි බැහැර නොකර එහි සුන්දරත්වය විනාශ වන පරිදි ක්‍රියා නොකරන ලෙසත් හැම ලිපියකින්ම වාගේ අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. (aayubo)



Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.