සුඩාන හමුද්රා රජය සහ ‘රැපිඩ් සපෝට් ෆෝස් (Rapid Support Forces)’ අතිරේක හමුදා බලඇණිය අතර ගැටුම් උත්සන්න වෙමිනි පවතී. සුඩානය යනු අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. නිල වශයෙන් හැඳින්වෙන්නේ ‘සුඩාන ජනරජය’ යනුවෙනි. සුඩානය පිහිටා ඇත්තේ වයඹදිග අප්‍රිකාවේය.
සුඩානයේ අසල්වැසි රටවල් වන්නේ චැඩ්, ඊජිප්තුව, එරිත්‍රියාව සහ ඉතියෝපියාවය. සුඩානයේ අගනුවර කර්ටෝම් වන අතර, 2021 වසරේ ලෝක බැංකු වාර්තා අනුව, සුඩානයේ ජනගහනය මිලියන 45.66 කි.
එරට භාවිතා කෙරෙන මුදල් ඒකකය වන්නේ සුඩාන පවුම් ය. අරාබි සහ ඉංග්‍රීසි සුඩානයේ නිල භාෂා වෙයි. සුඩානයේ බල අරගලයක් නිර්මාණය වී ඇත්තේ සුඩාන හමුදාවට නායකත්වය දෙන ජනරාල් අබ්දෙල් ෆාටා අල් බුර්හාන් සහ සුඩාන නියෝජ්‍ය නායක මොහොමද් හම්දාන් ඩගලෝ අතරේය. ‘රැපිඩ් සපෝට් ෆෝස්’ බලඇණියට නායකත්වය දෙන්නේ ඩගලෝ ය.
මොහු ‘හෙමෙඩිටි’ යන නමින් ද හැඳින්වෙයි. ඩගලෝ, ප්රමුඛ ඔහුගේ බළඇණිය උත්සාහ ගනිමින් සිටින්නේ හමුදාව පරදා රටේ බලය අත්පත් කර ගැනීමටය.(රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.