එල්ල වී ඇති අපරාධ චෝදනාවලට මුහුණ දීමට තමන් සූදානම් බව පවසමින්, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝක් නුවරට පැමිණ සිටින බවත්, ඔහු නිව්යෝක් අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.
ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට මැන්හැට්න් ජූරි සභාව තීරණය කළේ පසුගිය සතියේය. ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී ට්‍රම්ප්ට මාංචු නොදමනු ඇතැයි තමන් විශ්වාස කරන බව ට්‍රම්ප්ගේ නීතිඥවරයා පවසා ඇත. එසේම ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු ගොනු කර ඇති චෝදනා වල නීතිමයභාවය පිළිබඳව මෝසමක් ගොනු කරන බවත් එල්ල වී ඇති සියලු චෝදනාවලට ට්‍රම්ප් නිර්දෝෂි බවත් ඔහුගේ නීතිඥවරයා පෙන්වා දී ඇත. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.