ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා.
මහා බ්‍රිතාන්‍යයේ වසර 50 ක කාලය තුළ විශාලතම බදු කප්පාදුව නව අගමැතිනී ලිස් ට්‍රස්ගේ රජය විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ආසියානු මූල්‍ය වෙළෙඳපොළ තුළ ඩොලර් 1.0327 ක් දක්වා 4.9% කින් ස්ටර්ලිං පවුම පහත වැටී ඇති අතර බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම මෙලෙස අවප්‍රමාණය වී ඇත්තේ 1971 වසරෙන් පසුව බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.