අත්අඩංගුවට ගත් අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා අගෝස්තු 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පසුගිය ජූනි 5 වනදා තංගල්ල ප්රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගෙන තිබුණා.
තංගල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.