ශ්‍රී ලාංකික කව්රුත් පාහේ ගොඩක් ආස කරන සම්ප්‍රදායික ශ්‍රී ලාංකික ව්‍යංජනයක් කෑමක් තමයි පොළොස් ඇඹුල නැතිනම් පොලොස් කරිය කියන්නේ. හොදට තුන පහ දාලා ටිකක් සැරට හදලා ගත්තහම රසය නම් කියලා නිම කරන්න බැහැ. අපේ ආච්චිලා පොළොස් ඇඹුල නැතිනම් පොලොස් කරිය සැරට හොඳ කළු පාටට තමයි හදන්නේ. දිවට විතරක් නෙවෙයි ඇහැටත් ප්‍රිය උපදවනවා එතකොටනම්. පොළොස් ඇඹුල නැතිනම් පොලොස් කරිය ගෙදරදීම ඔයාලත් හදලා බලන්නකෝ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කුඩා ප්‍රමාණයේ පොලොස් ගෙඩි 01
- උකු පොල්කිරි 150ml
- මිරිස් කුඩු මේස හැඳි 1 ½
- කහ කුඩු තේ හැඳි ½
- ගම්මිරිස් තේ හැඳි 01
- බැදගත් තුනපහ කුඩු මේස හැඳි 01
- ඉඟුරු තේ හැඳි 01
- අබ ඇට තේ හැඳි 01
- සුදු ලූණු තේ හැඳි 01
- රතු ළූණු බික් 5ක්
- කරපිංචා කොළ ( අවශ්‍ය ප්‍රමාණයට)
- අමු මිරිස් කරල් 02
- රම්පෙ කොලයක්
- ලුණු ස්වල්පයක්
- ගොරකා බික් 01
සාදන ආකාරය:
- පොලොස් සුද්ද කර සෝදා කොටු හැඩයට කපාගන්න
- ලුණු කුඩු ටිකක් වතුර ප්‍රමාණයකට දමා පොලොස් කෑලි එකතු කර තම්බා ගන්න
- ගොරකා කැබලි කිහිපය හොදට නටන උණුවතුර දමා මිනිත්තු 20 ක් පෙඟෙන්නට හැර ගලේ අඹරා ගෙන පේස්ට් එකක් ආකාරයට සාදා ගන්න.
- ඉගුරු සුදුලූනු ගම්මිරිස් හොඳින් තළා ඉහත ගොරකා මිශ්‍රණයට එකතු කරන්න.
- තෙල් ටිකක් ලිප තබා එයට අබ ඇට දමා පුපුරන විට ලුණු එකතු කරන්න. හැඳි ගාමින් සුළු වේලාවක් තියන්න.
- මෙයට කරපිංචා කොළ රම්පේ කොළ අමු මිරිස් එකතු කරන්න. ඉන්පසු ඉහත අප සාදාගත් ගොරකා මිශ්‍රණය එකතු කරමින් මිනිත්තුවක් හැඳිගාන්න.
- මෙයට කහ කුඩු මිරිස් කුඩු බැදගත් තුනපහ කුඩු එකතු කරන්න.
- තම්බාගත් පොලොස් කැබලි වතුර ස්වල්පයක් සමග ඉහත මිශ්‍රණයට එකතු කරන්න. මිනිත්තු 5ක් පමණ හොඳින් හැඳි ගාන්න.
- පොල් කිරි එකතු කර මිනිත්තු විස්සක් පමණ මදගින්නේ පිසගන්න.
- මැටි ඇතිලියක පොළොස් ව්‍යංජනය සෑදීමෙන් රසය වැඩි වෙනවා. ඒ වගේම දවස් තුනක් පමණ ඔබට තියා ගන්නත් හැකි වෙනවා.
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Food සමඟ සම්බන්ධ වීමෙන් විවිධ ආහාර සහ ආහාර වට්ටෝරු ගැන වැඩි විස්තර දැන ගන්න.