ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කරතාවලට හා ණය බර ලිහිල් කිරිම සඳහා සහාය දැක්වීමට අඛණ්ඩව ක්‍රියාකරන බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.
ඒ සඳහා අදාළ රටවල් සහ මූල්‍ය ආයතනයන් සමඟ කටයුතු කිරීමට සුදානම් බවත් චීනය අවධාරණය කර තිබෙනවා.
චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මේ බව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණා.