ආසියානු දැල්පන්දු ශූරතාව හය වැනි වතාවටත් දිනා ගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (11) සමත් වුණා.
අවසන් තරඟයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූයේ සිංගප්පූරු කණ්ඩායමයි.
තරඟයේ අවසන් ලකුණු පුවරුව 63-53 ක් ලෙස දැක්වුණු අතර මෙම තරඟාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අපරාජිතව සිටීම විශේෂත්වයක්.
ඒ අනුව ශ්‍රී ලංකා පිළ ලෝක දැල්පන්දු ශූරතාවලියට සුදුසුකම් ලබාගත්තා.