ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී ජපානය, ඉන්දියාව සහ චීනය යන මෙරට ණය හිමි ප්‍රධාන රටවල් තුනෙහි සහභාගීත්වයක් කඩිනමින් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා පවසනවා.
ශ්‍රී ලංකාව අද මුහුණ දෙන තත්ත්වය පිළිබඳව ගෝලීය සංවර්ධනය සඳහා වූ මධ්‍යස්ථානය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එසේම ණය පිළිබඳ විනිවිදභාවයක්, සියලුම ණය හිමියන්ට සමාන ලෙස සැළකීම හා ණය හිමියන් එක්කරන සංවිධානාත්මක සැලැස්මක් අවශ්‍ය බවයි ඇය සඳහන් කරන්නේ.
එසේම අදාළ රටවලින් ණය හිමියන් සමඟ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත් අනෙකුත් සංවිධානත් සමග සමාන අන්දමින් කටයුතු කිරීමට දේශපාලන අභිලාෂයක් අවශ්‍ය බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.