2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති තරඟයෙන් ලකුණු 79 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායස කඩුලු 8 ක් දැවී ලකුණු 152 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 74 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් Karthik Maiyappan කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ අතර කඩුලු ත්‍රිත්වය ලෙස භානුක රාජපක්ෂ, චරිත් අසලංක හා දසුන් ශානක දැවී ගියා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යට පන්දුවාර 17 ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 73 ක් පමණයි.
පන්දු යැවීමේදී පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 3 ක්,වනිඳු හසරංග කඩුලු 3 ක්, මහීෂ් තීක්ෂණ කඩුලු ක්, ප්‍රමෝද් මදුෂාන් හා දසුන් ශානක එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ලකුණු පුවරුව පහතින්,



