ගිනි අවි ළඟ තබාගැනීමේ චෝදනාවට මරණ දඬුවම නියමව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා‘ට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු 13 වැනි දා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
2006 වසරේ අප්‍රේල් 24 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සහ රිවෝල්වරයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වෙලේ සුදාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි. ගිනි අවි ආඥාපනත පනත යටතේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කිරීම සම්බන්ධ චෝදනා දෙකක් යටතේ මෙම නඩුව පවරා තිබුණි. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා පෙනී සිටියේය. (ඩේලි නිව්ස්)