වත්මන් අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් වී ගොවීන් විසින් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හැරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මේ අනුව හෙක්ටයාර් දෙකක හෝ ඊට අඩු භූමි ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මගින් ලබාගෙන ඇති මූලික ණය අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව පැවසේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.
