ඛණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති යෝජිත ප්‍රතිව්‍යුහගත සැලැසුම්වලට විරෝධය පළ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ, එම සැලසුම් සම්බන්ධයෙන් ඔවුන්ව මීට පෙර දැනුවත් කර ඇති බවයි.
ඔවුන්ගේ විරෝධය පළ කිරීමේ අයිතියට අභියෝග නොකරන නමුත්, ඛනිජ තෙල් සහ විදුලිබල යන ක්ෂේත්‍ර දෙකම ප්‍රතිව්‍යුහගත කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්.