විද්‍යුත් වාහන (Electric vehicles) ආනයනය කිරීම සඳහා වන බලපත්‍රයක් විදෙස්ගත ශ්‍රමිකයින් වෙත ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා සිටිනවා.
ඒ් අනුව පිටරට රැකියා නියුක්තිකයන් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව විදුලි ආරෝපනයෙන් ධාවනය වන විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.