ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කළ හැකි ආකාරයට නියාමනය කිරීම සඳහා මෝටර් රථ ආඥාපනත සංශෝධනය කරන බවයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (9) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
පවතින මෝටර් රථ ආඥාපනත පනතේ ඩීසල් සහ පෙට්‍රල් වාහන ලියාපදිංචි කිරීමට අවසර ඇති නමුත් විදුළි වාහන ලියාපදිංචි කිරීමට ප්‍රතිපාදන නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවට විද්‍යුත් මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ආනයනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර වාණිජ බැංකුවක් හරහා ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන ශ්‍රී ලාංකිකයින්ට තම පවුල් අවශ්‍යතා සඳහා විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවස්ථාව සැලසෙන අතර මේ සම්බන්ධයෙන් නිල චක්‍රලේඛයක් නිකුත් කෙරෙනු ඇත. ඔහු වැඩි දුරටත් අදහස් දක්වා කියා සිටියේ මෙමගින් මෙරට ඉන්ධන ආනයන වියදමද අඩුකර ගැනීමට හැකිවනු ඇති බවයි.