මෙරට විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් තරම් ජලය ජලාශවල පවතින බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක පවසනවා.
ගල් අඟුරු තොග ප්‍රමාණවත් තරම් පවතී නම් දෙසැම්බර් මාසය දක්වා විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවයි සභාපතිවරයා පවසා සිටින්නේ.
පසුගිය 03 වනදා සිට පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බව ප්‍රකාශ කළත් එම කප්පාදුව සිදුනොකළ බවත්, ගල් අඟුරු ප්‍රමාණවත් තරම් ලැබුණහොත් ඉදිරියේ දී මෙම පැයක විදුලි කප්පාදුවත් අවශ්‍ය නොවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.