විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන පරිදි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව මාසයක් තුළ එම යෝජනා ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
එමෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ඒකක ගාස්තු සංශෝධනයටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුනු බවයි එම Twitter පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.