විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව මෙරටට මුදල් එවීමෙන් පසුව හිමිවන ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍රය ලබාගැනීම සම්බන්ධයෙන් තොරතුරු විමසීමට දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව විධිමත් මාර්ග ඔස්සේ මුදල් එවන ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට ඉඩ ලබාදුන් නව වැඩපිළිවෙළ යටතේ විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර නිකුත් කරන බවයි.
මේ සම්බන්ධයෙන් පවතින ගැටලු යොමුකිරීම සහ තොරතුරු ලබාගැනීමට දුරකථන අංක තුනක් මෙලෙස හඳුන්වාදී ඇති බවයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළේ.
අදාළ දුරකතන අංක පහතින්,
ක්ෂණික ඇමතුම් අංකය – 0773 039 034
ප්‍රබෝධ කග්ගොඩ ආරච්චි – 0112 368 175
තොරතුරු විමසීම,
විදේශ රැකියා අමාත්‍යාංශය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන)
0112 582 447
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
