මෙරට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ චිත්‍රපටයක් වන ‘මුන්නල්’ නෙදර්ලන්තයේ පැවැත්වෙන International Film Festival Rotterdam (IFFR) හි දී විශේෂ ජූරි සම්මානයක් දිනාගැනීමට සමත්ව තිබෙනවා.
එමෙන්ම එම සම්මාන උළෙලේදීම Netpac සම්මානය දිනාගැනීමට ජගත් මනුවර්ණ කොඩිතුවක්කුගේ කුළුඳුල් චිත්‍රපටය වන ‘රහස් කියන කඳු’ චිත්‍රපටය සමත් වුණා.
Netpac සම්මානය හිමිවන්නේ ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට වන අතර මින් පෙර ශ්‍රී ලංකාව මෙම සම්මානය හිමිකරගෙන ඇත්තේ එක්වරක් පමණයි.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.