රට මුහුණ දී ඇති දැවැන්ත ඉන්ධන අර්බුදය හමුවේ ඉදිරියේ දී රුසියාවෙන් තෙල් ගැනීමට තීරණය කිරීම සිදුවන බවයි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා සඳහන් කර තිබෙන්නේ.
හටගෙන ඇති විදේශ විනිමය අර්බුදය හමුවේ පසුගිය දිනවලදී බොහෝ දෙනෙකු සඳහන් කළේ, අඩු මුදලකට රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.