ඔක්තෝබර් මාසයේ 09 වනදා සිට රුසියානු ගුවන් සේවය වන එරෝෆ්ලොට් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිත බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව යළිත් මොස්කව් සහ කටුනායක අතර ගුවන් ගමන් වාර ආරම්භ වීමට නියමිතයි.
එරෝෆ්ලොට් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් පැනවූ නඩුවක් හේතුවෙන් දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවූ අතර එහිදී මොස්කව් සහ කටුනායක අතර ගුවන් ගමන් වාර අත්හිටුවීමට රුසියාව කටයුතු කළා.