Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » රුධිරයේ මේදය හීනකරන පුදුම ඔසුව ගොරකා
Medical 52 Views

රුධිරයේ මේදය හීනකරන පුදුම ඔසුව ගොරකා

Buzzer EditorBy Buzzer EditorOctober 19, 2022No Comments4 Mins Read52 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ආහාර සංස්කරණයේදී ආහාර රසවත් බවින් හා ගුණදායක බවින් යුක්ත කරලීම සඳහා ගෘහණියන් විසින් තුනපහ එක්කරනු ලබන අතර ඉන් ප්‍රධාන ද්‍රව්‍යයක් ලෙස ගොරකා හැඳීන්විය හැකිය.

වඩාත් නිරෝගී ජීවිතයක් ගෙනයාමට උපකාරී කිරීමට ඈත අතීතයේ සිටම ආහාර සංස්කරණයේ ද; තුනපහ යොදාගත් අතර මේ අතුරින් ගොරක එකතු කර ගැනීම තුළින් ශරීරයේ ලේ ගමන නිරවුල්ව පවත්වා ගැනීමටත් ලේවල මේදය අඩු කරලීමටත් හේතු විය. එසේ වුවද බොහෝ දෙනා ගොරකාවල ඇති ඖෂධීය වටිනාකම පිළිබඳ හරිහැටි නොදන්නා නිසා ආහාර අනුභවයේදී ගොරකා කැබැල්ල ද හපා කෑමෙන් එහි ගුණය ශරීරයට එක්වන අතර එමඟින් ලේවල කොලෙස්ටරෝල් පාලනයට උදව් වේ.

ආහාර රුචිය වඩන අතර බඩගින්න ඇති කරන උෂ්ණ ඖෂධයක් වන මෙය හෘදයට ඉතා හිතකර වේ. මේ අතර මාන්දම් රෝගීන්ගේ ආහාරයට ගොරකා එකතු කළ යුතු යැයි වෛද්‍ය උපදේශ දක්වා ඇත. ආහාර පිසීමේදී රසකාරකයක් ලෙසද ආහාර කල් තබා ගැනීමට දගොරකා යොදා ගැනීම බොහෝවිට සිදු වේ. ගොරකා ගෙඩියේ ලෙල්ල වියලා ආහාර සහ ඖෂධ සඳහා භාවිතා කරනු ලබන අතර ගොරකා ගසේ පොත්තද ඖෂධ සඳහා යොදා ගනු ලබයි. ගොරකා ගෙඩියේ මදය පළතුරක් ලෙස ළමයින් අතර ජනප්‍රිය වේ. මෑත භාගයේ බටහිර රටවල ගොරකා කෙරෙහි අවධානය වැඩි වූයේ ගොරකා වල පවතින කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාව තිබෙන රසායනික ද්‍රව්‍යයක් ඇති බව සනාථ වීම නිසාය.

ගොරකා වැවෙන ප්‍රදේශ –

ගොරකා ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂයක් වන අතර පහත රට මීටර් 1000 දක්වා ප්‍රදේශ වල දක්නට ලැබේ. තෙත් සහ අතරමැදි ප්‍රදේශවල දක්නට ලැබේ. තෙත් සහ අතරමැදි කලාපීය ශාකයකි. බොහෝවිට වගා කරයි. පේරාදෙණිය උද්භිද උද්‍යානය, නාවින්න ආයුර්වේද පර්යේෂණායතනය, හල්දුම්මුල්ල ඔසු උයන ආදියේ දක්නට ලැබේ. මෙම දේශීය ගොරකා සඳහා සංස්කෘත නාම සොයා ගැන්ම ද දුෂ්කරය.

පොදු සිංහල නාමය: ගොරකා

ගොරකා වල උද්භිත විද්‍යාත්මක නාමය: Garcinia cambogia Desr.

ඖෂධීය අංග :-

ගෙඩි, ඇට, ඇට තෙල්, දලු, පොතු සහ මුලේ පොතු එසේම වියළි ගෙඩි සහ කොළ ඖෂධ සඳහා යොදා ගනියි.

ගොරකා වල රසායනික උපාදාන

බීජ වල 30%ක් තෛල (ගිතෙල් හා සමාන) අන්තර්ගත වේ.

සංරක්ෂණ විධි :-

ගොරකා ගෙඩිවල මද ඉවත් කර අව්වේ වියලා මැටි භාජනවල බහා තැබීමෙන් ඒවා බොහෝ කාලයක් තබාගත හැක.

ගොරකා ප්‍රභේද

එළ ගොරකා, රත් ගොරකා, මල ගොරකා, රට ගොරකා වශයෙන් ප්‍රභේද 4ක් වේ.

ගොරකා වල ඖෂධීය ගුණ කම්

රසයෙන්:- නොපැසුණු ගෙඩි අම්ල රස වන අතර පැහුනු ගෙඩි මධුරාම්ල රස යුතු වෙයි. ගුණයෙන් ලඝු, රූක්ෂ හා තීක්ෂණ වේ. වීර්යයෙන් උෂ්ණ වන අතර

දෝෂ අනූව සැලකීමේ දී,

සෙම් වාත ශාමක ගුණයි.මල භේද කරයි.අග්නිය දල්වයි.හෘදයට හිතවත් ය.අස්ථි සන්ධානය කරයි.ගුල්ම, උදර, අජීර්ණ, ආනාහ පාණ්ඩු ශෝථ, විෂ ක්‍රිමි රෝග යන මේවා සමනය කරයි.එසේ ම හික්කා, ශ්වාස, ආදියට හිතයි.

ගොරකා අඩංගු ඖෂධ යෝග :-

ලේවල මේදය පාලනයට:-

කරපිංචා කොළ මිටක්, සුදුළූණු බික් කිහිපයක් , වියළි ගොරකා කැබැල්ලක්,කුරුඳු පොතු ස්වල්පයක්, අමු ගම්මිරිස් ඇට කිහිපයක් ගෙන හොඳීන් අඹරා දෙහි ඇඹුල් ස්වලපයක් දමා සකස්කර ගෙන දිනපතා ආහාරයට එක්කර ගැනීමෙන් ඉතා සුළු කලකින් මෙම රෝග තත්ත්වයට සමනය වේ.

තැල්මට :- වියළි ගොරකා පලු ලුණු ස්වල්පයක් සමඟ තලා තැල්ම ඇති ස්ථානයේ තබා බැඳීම ඉතා ගුණදායකය.

මද්‍ය පානයෙන් හටගත් රෝග සමනයට :- රට ඉඳී, මුද්දරප්පලම්, ගොරකා, සියඹලා, දෙළුම්, බොරළු දමුණු ගෙඩි, නෙල්ලි යොදා සකස් කළ මන්ථය පානය කිරීම යෝග්‍ය වේ.

දරුණු තැල්මට,

වියළි ගොරකා පලු, අමු කහ, ලුණු වතුරෙන් තම්බා අඹරා ආලේප කරයි.

උගුරේ අපහසු තාවයට :-

ගොරකා පලු, ගම්මිරිස් ඇට, ලුණු සමව අඹරා පොට්ටනි බැඳ කටේ තබා කෙල ගිලීම යෝග්‍ය වේ.

අස්ථි භග්න වූ විට

ගොරකා කොළ, පොතු සහ මල්, අඹ පොතු, අමු කහ ලුණු දමා කොටා මලවා බඳීනු ලබයි.

ව්‍රණ රෝපණයට

ගොරකා කබලෙන් බැද ලුණු වතුරින් හෝ මී පැණියෙන් අඹරා ආලේප කරයි. තුවාල සේදීමට හා විදුරු මස් දියවීමට ගොරකා ගෙඩියේ ලෙල්ල හෝ ගසේ පොත්ත හෝ තම්බා ගත් වතුරෙන් සෝදයි. මේ ආදී ඖෂධ යෝග රාශියක් ගොරකා අඩංගුව රෝගාබාධ රාශියකට යොදනු ලබයි.

ගොරකා වල ඖෂධීය මාත්‍රා

තෙල් රත්තිකා 12 – 36 දක්වා ඵලපාතකය (සිරප්) කර්ෂ 1 –2 දක්වා මුලේ පොතු ක්වාථය කර්ෂ 4 – 8 දක්වා වේ. ගොරකා අඩංගු නිෂ්පාදිත ඖෂධ – හෙණරාජ තෛලය, සත්තවාදී තෛලය, මාඉලංගම් තෛලය, හෙණරාජ කායම, යසෝදරා කායම, වෘහත් යෝගරාජ, ගුග්ගුළුව, හිංගුවාදී චූර්ණය, භාෂ්කර ලවණය, අෂ්ඨාංග ලවණය, කපිත්ථෂ්ථකය, ලුණුවිරේක ගුලිය, ගොරකා සිරප්, ගොරකා තෙල්, ගොරකා ලෙලි චූර්ණය ආදී ඖෂධ රාශියකි.

මෙයට අමතරව

මත්ස්‍යය – මනස සකස් කිරීමේදී ඇඹුල් සඳහා ද ජාඩි සකස් කර කල් තබා ගැනීමටද යොදා ගනු ලබයි. එසේම ආහාර කල් තබා ගැනීමටද ගොරකා යොදාගනු ලබයි. ගොරකා ශාකයේ කඳ දැවමය වටිනාකමකින් ද යුක්තය. මැලියම්, සායම්, ඖෂධ සහ දන්තාලේප ආදිය නිෂ්පාදනයට ද උපයෝගී වෙයි.

වෛද්‍ය මධුර පරණවිතාන මහතාගේ සටහනක් ඇසුරිණි.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleචමීරගේ ලෝක කුසලාන ගමන නවතී
Next Article අන්තිම කැමැති පත්‍රය අත්සන් කිරීමේ ක්‍රමවේදයේ වෙනසකට යෝජනා
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.