නව සභාපතිවරුන් ප්රමුඛ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා පත්කර තිබෙනවා.
අද (13) ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඔවුන්ට පත්වීම් ප්රදානය කර තිබෙන බව වාර්ථා වනවා.
එම පත්වීම් වලට අනුව රූපවාහීනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අසංක ප්‍රියනාත් ජයසුරියත්, ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරි ගණක අමරසිංහත්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස හඩ්සන් සමරසිංහත් පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,