මේ වන විට රාජ්ය ඉදිකිරීම් 70% ක් පමණ අත්හිටුවා ඇති බව ශ්රී ලංකා ඉදිකිරීම් සංගමය පවසනවා.
ඒ අනුව එම සංගමය පෙන්වා දෙන්නේ රජය විසින් ගෙවීමට ඇති මුදල් නොගෙවීම හේතුවෙන් සිය ක්ෂේත්රය දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.
මේ වන විට පෞද්ගලික අංශයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමද සිහිනයක් වී ඇති බවත්, ඉදිරියේදී ඉදිකිරීම් කටයුතු සිදු කිරීමද සිතීමට නොහැකි බවයි එම සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි පවසන්නේ.
පවතින උද්ධමන තත්ත්වය හමුවේ ඉදිකිරීමක් ආරම්භ කරනවිට ඇස්තමේන්තු කරන මුදල ඉදිකිරීම අවසන් වන විට විශාල වශයෙන් වැඩිවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.