දැනට කි‍්‍රයාත්මක අමාත්‍ය මණ්ඩලයක් නොමැතිව රාජ්‍ය අංශයේ සේවකයන්ට මේ මාසයට අදාළ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් බරපතළ ගැටලූවක් මතුව තිබෙනවා.
රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට මුදල් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නොහැකි වන්නේ දින කිහිපයක් ඇතුළත කැබිනට් රැස්වීමක් කැඳවිය හැකිද යන්න ගැටලුවක් වන බැවිනි.
අමාත්‍ය මණ්ඩල තීරණය මුදල් මණ්ඩලයට යොමු කිරීමෙන් පසුව මුදල් මුද්‍රණය කිරීමට නීතිමය අවකාශය සැලසේ. රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා මසකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 29ක මුදලක් අවශ්‍ය බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් මුදල් මුද්‍රණය කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමට වැඩබලන ජනාධිපති ධුරයට පත් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙනවා.
කැබිනට් අනුමැතියකින් තොරව ඉන්ධන නැව්ගත කිරීම් සඳහා ගෙවීම් කළ නොහැකි බැවින් මෙම තත්ත්වය ඉන්ධන ආනයනයට බලපා ඇති බව වාර්තා වේ.