රටේ ව්‍යවස්ථාවට අනුව මහජන මුදල් සම්බන්ධයෙන් අවසාන බලය පාර්ලිමේන්තුව සතු වුවද රටේ මූල්‍ය ප්‍රතිපත්තියට අදාළව තීරණ ගැනීමට බලය පවරා දී ඇති එකම ආයතනය මහ බැංකුව බව එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඇඟලුම්කරුවන් කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයක් අමතමින් අධිපතිවරයා සඳහන් කළේ, අයවැය විවාදයේ සිදු කරන ඇතැම් ප්‍රකාශවලින් පෙනී යන්නේ එම ප්‍රකාශ මහ බැංකුවේ භූමිකාව පිළිබඳ අඩු අවබෝධය නිසා සිදුකළ බවයි.
සහනයක් අවශ්‍ය වූ සැනින් මහ බැංකුවට කතා කළ යුතු බවට ජනතාව හා ව්‍යාපාරිකයක් සිතන බවත්, එයට හේතුව වන්නේ මහ බැංකුවේ හිටපු ඇතැම් අධිපතිවරුන් මුල්‍ය ප්‍රතිපත්තිය නොමැතිව අනෙක් සෑම දෙයක් සම්බන්ධයෙන්ම කතා කිරීම බවයි අධිපතිවරයා සඳහන් කළේ.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය සඳහා මුල්‍ය ප්‍රතිපත්තිය හා ෆිස්කල් ප්‍රතිපත්ති අතර සම්බන්ධීකරණයක් තිබිය යුතු බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.