යෝගට් කියලා කියන්නේ පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ ආහාරයක්. මේ කියන යෝගට් යොදාගෙන ඩෝනට්ස් ඉතා පහසුවෙන් සාදාගන්නා ක්‍රමය අද අපි ඔයාලට ගෙනාවා. හැමදාම කන චොකලට් ඩෝනට් වෙනුවට ගෙදරදීම යෝගට් ඩෝනට් එකක් හදලා බලමුද? එහෙනම් මෙන්න රෙසපිය.
අවශ්‍ය ද්‍රව්‍ය,
- පිටි ග්‍රෑම් 250 ක්
- යෝගට් ග්‍රෑම් 65 ක්
- බිත්තර 01 ක්
- වයිට් විනිගර් මේස හැදි 01 ක්
- බේකිං සෝඩා තේ හැදි 01 ක්
- බැදීම සදහා තෙල්
- කුඩුකරගත් සීනි හෝ අයිසිං ෂුගර් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය,
බිත්තරය, යෝගට්, සීනි ස්වල්පයක් දමා හොඳින් බීට් කරගන්න.වයිට් විනිගර් ටිකට බේකිං සෝඩා ටික දමාගෙන ටික වේලාවක් තියන්න.
දැන් යෝගට් මිශ්‍රණයට දෙවනුව අපි සාදාගත් බේකිං සෝඩා ටික දමා නැවතත් හොඳින් කලවම් කරගන්න. දැන් එයට ටික ටික පිටි ටික දමමින් පිටි ගුලියක් මෘදුව සකසා ගන්න.විනාඩි 15 ක් පමණ තෙත රෙදි කඩකින් වසා එසේත් නැත්නම් ක්ලිං රැප් එකකින් වසා විනාඩි 15 ක් තබන්න.
විනාඩි 15 කට පසු මේ පිටි ගුලිය සමාන කොටස් වලට බෙදා ගන්න.එක් එක් කොටස රවුමට තුනී කරමින් අතින් එම රවුමේ මැද සිදුරක් සකසා ගන්න. ( සාමාන්‍ය ඩෝනට් එක ආකාරයටම )
තෙල් ටික හොඳින් රත් වන විට සාදාගත් ඩෝනට් එක රන්වන් පාට වනතුරු බැද ලිපෙන් තෙල් බේරෙන්නට බා ගන්න.දීසියක් මත අසුරා එය මතට ඉතිරි සීනි කුඩු හෝ අයිසිං ටික හලා ගන්න.
සාදාගත් මෙම රසවත් ආහාරය තේ මේසයට පිළිගන්වන්න.
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Food සමඟ සම්බන්ධ වීමෙන් විවිධ ආහාර සහ ආහාර වට්ටෝරු ගැන වැඩි විස්තර දැන ගන්න.