ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩක යුපුන් අබේකෝන් 2022 ජර්මනියේ පැවති Anhalt ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ තත්පර 10.06කින් නව වාර්තාවක් පිහිටුවීය.
මෙය දකුණු ආසියාවේ මීටර් 100 ඉසව්වේ නව වාර්තාවක් වෙද්දී අබේකෝන් ඔහුගේම ජාතික වාර්තාවද අලුත් කළේය.
පසුගිය සතියේ ඉතාලියේ Grosseto හි පැවති Castiglione ජාත්‍යන්තර මලල ක්‍රීඩා උළලේදී අබේකෝන් මීටර් 200 තත්පර 20.37 ක කාලයකින් නව ජාතික සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීය.
ඔහු විසින් 2018 අප්‍රේල් මස පැවති ජාතික අත්හදා බැලීම් වලදී මීටර් 200 ඉසව්ව තත්පර 20.68කින් ධාවනය කළ විනෝජ් සුරංජය සිල්වා විසින් පිහිටුවා තිබූ ජාතික වාර්තාව අභිබවා ගියේය.