Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු
  • ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
  • අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්
  • ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී
  • සලේගේ මෝසම හෙට දින කැඳවීමට නියෝග
  • යෝෂිතගේ පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කෙරේ
  • ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි – මෙහෙයුම් නවතී
  • පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව කල් තබයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, June 3
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මැජික් නොවන වටිනා කියන වාස්තු විද්‍යාව
Lifestyle 8 Views

මැජික් නොවන වටිනා කියන වාස්තු විද්‍යාව

Buzzer EditorBy Buzzer EditorDecember 30, 2022No Comments5 Mins Read8 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

වාසයට සුදුසු සේ නිවසක් නිර්මාණය කිරීම වාස්තු විද්‍යාව ලෙස අපි දකිමු. ඉහත සඳහන් පරිදි මිනිස් වාසයට නුසුදුසු යැයි සඳහන් කාරණා නොමැති නිවස වාස්තු විද්‍යානුකූල වේ. වාස්තු විද්‍යාව යනු නිවැසියන් බිය වද්දා නිවෙස තැනින් තැන කඩා වෙනස් කිරීමට උපදෙස් දෙන හා නිවසේ කුරුපා ගලවා වෙනස් කරන දෙයක් ද නොවේ. එය උතුම් සේවාවකි. නිවාස සැලසුම්කරුවන්, පෙදරේරුවන් හා වඩු කාර්මිකයින්ගේ ඉතා පරිණත දැනුම යොදා නිර්මාණය කළ ගෘහයක් කිසිවක් නොදත් ගතානුගතික බහුභූතයින්ගේ අඥාන උපදෙස් නිසා විනාශ කර දමන්නේ ඇයි? ඔවුන්ගේ ජීවිකාව ගෙන යනු පිණිස මුදල් උපයන මාර්ගය එය බව වටහා ගත යුතු වේ.

නිවසක අඩංගු විය යුතු වැදගත් සාධක පිළිබඳව කතා කිරීමට ඔවුන් අපොහොසත්ය. වහලයේ කුරුපා ගැන කතා කරති. බිත්තිවල කුරුස මුළු ගැන කතා කරති. උළුවස්ස මත යටලී දැමීම ගැන කතා කරති. මෙවැනි තවත් අර්ථ ශුන්‍ය ප්‍රලාප කියති. ළිඳ ගෙදරට මුළු වැටී ඇති බව කියති. මෙම ලිපිය අවසානයේදී පාඨකයාට අලුතින් සිතීමට හැකිවන පරිදි රූපසටහන් ඉදිරිපත් කරමි.

ගෘහ මූලිකයාට අගුණය කියා නිවසේ යම් වෙනස් කිරීමක් කරන ලෙස උපදෙස් දීමෙන් ජීවිතයට ආදරය ඇති අය එසේ කිරීමට පෙලඹෙති. මුදල් අග හිඟකම් හෝ ජීවිත පිළිබඳ ගැටලු මතුවූ අවස්ථාවල ඒවාට සුදුසු විසඳුම් ‍ෙසායනු වෙනුවට වාස්තු විද්‍යාව දන්නා අය යැයි කියාගන්නා අයට තම ජීවිතයේ ඉතිරි ටිකද කඩා දැමීමට භාරදෙන අය තවමත් අප සමාජයේ සිටිති. වැරදි උපදෙස් පිළිපැදීමට ගොස් තව තවත් රටට ණයකරුවන් වී තම ප්‍රශ්නය වඩාත් උත්සන්න වී නිසි උත්තර සොයා ගැනීමට තිබූ කාලය පුහු මනස්ගාත වෙනුවෙන් කැපකර ජීවිත විනාශ කරගත් අය ගැන තොරතුරු මේ සමාජය තුළ ඕනෑ තරම් තිබේ.

නිම කළ නිවසක මා ඉහත කී වැරදි තිබේ නම් ඒවා වෙනස් කළ යුතුය. එයට පවුල්, අවුල් මුදල් ප්‍රශ්න ඈඳා නොගත යුතුය. නිවසක් තුළ නිවැරැදි වාතාශ්‍රය නොමැති කල ළෙඩ දුක් ඇතිවිය හැක. ශක්තිමත්ව නොසෑදූ බිත්ති පුපුරායන්නේ නම් ඒවා නිවැරැදිකොට සකස් කළ යුතුය. ආරක්ෂාව පිළිබඳව නොසලකා සෑදූ දොර ජනෙල් නැවත ශක්තිමත් දොරගුළු දමා නිවැරැදි කළ යුතුය. මේවා කිරීමට නැවත මුදල් වැය වේ. එය භාර වන්නේ නිවසේ ප්‍රධානියා වන ගෘහ මූලිකයාටය. ගෘහ මූලිකයාට නිවසේ වැරදි බලපාන්නේ එලෙසය. නැතහොත් පුහු මිනිසුන් පවසන ආකාරයට ගෘහ මූලිකයාගේ ජීවිතයට අවදානමක් ඇති බව එයින් ගම්‍ය නොවේ. නිවසේ බිත්ති හා වහලය පිළිබඳ පමණක් නොව දරුවන්ගේ ජීවිත ගැන හා අධ්‍යාපනය ගැනද බිරිඳගේ ජීවිතය ගැනද, ගෘහ මූලිකයාට භාර වී ඇත. ගෘහයන් හී ඇති දෝෂ බැලීමට එන බොරුකාරයින් කිසිදාක “මේ නිවසේ වරදක් නැත” කියා පැවසූ අවස්ථාවක් දැකීම අසීරුය. ඔව්හු නිවෙස්වල වැරදි පමණක් දකින අය වෙති.

පුරාණයේදී නිවාස නිර්මාණකරුවන් සැලකිල්ලට ගත් අංග අතර කුරුස මුල්ලට බිත්ති නොබැඳීම, වහලය සඳහා බිත්ති මුදුන් තුනක් එක දිගට නොතැබීම, උළුවස්සට ඉහළින් යටලී නොතැබීම, ගෙදරට මුළු වැටෙන සේ ළිඟ නොකැපීම, ඉදිරිපස දොරට කෙළින් පසුපස දොර ස්ථානගත නොකිරීම සහ මෙවැනි තවත් දේවල්ය.

ලී කණු හතරක් පොළොවේ සිටුවා වහළට කොළ අතු දමා ගෙයක් සෑදු යුගයේ වාස්තු විද්‍යාව තිබුණේ නැද්ද? ගැඹුරට වළවල් හාරා කණු සිටුවා වහලේ ලී ශක්තිමත් වැල්පටින් වෙළුම් යොදා සැදීම තුළ වාස්තු විද්‍යාව තිබුණි. මැටි යොදා ගල්වලින් නිවාස සාදන කල යම් යම් වැරදි සිදුවෙන්න පටන් ගත් නිසා ඒ පිළිබඳව අසා දැන ගත යුතු පිරිස් වෙත ගොස් වැරදි නිවැරැදි කර නිවෙස් තනන ලදී.

මැටි යොදා බිත්ති බැඳි කාලයේ කුරුස මුල්ල සුදුසු පැරැන්නෝ විද්‍යාව හදාරා නොමැති වූවත් කබොක් ගල් මැටි බදාමයෙන් කුරුසය හැඩයට බඳින බිත්තියේ ශක්තිය අඩු බව දැන සිටියහ. බිත්ති හතරකින් එක් ස්ථානයකට පැමිණෙන ගල් තුන් මුල්ලකට වඩා අඩු බැඳීමකින් ඇතිවන සම්බන්ධවීම ඉතා දුර්වලය. බිත්ති මුළු පිපිරීමට ලක් වේ. මැටි බදාමය ශක්තිමත් මාධ්‍යයක් නොවීම ඊට හේතුව විය. කුරුස මුල්ලක් සහිත බිත්ති බැඳීම ගෘහ මූලිකයාට අගුණ බව පැවසීම සුදුසුය. බිත්ති පුපුරා යාමෙන් ඔහුට නැවතත් කරදරයට පත්වීමට සිදුවන බැවිනි. නමුත් වර්තමාන වාස්තුකරුවන් සේ පෙනී සිටින අය මෙම සරල සත්‍ය නොදැන මිනිසුන්ගේ ජීවිත අවදානමක් මේ තුළින් සිදුවනු ඇතැයි පවසා සිටීම මොනතරම් ඛේදනියද? වර්තමානයේ ඉදිකරනු ලබන ඉතා සුවිසල් මන්දිර තට්ටු සිය ගණනක් උසය. ඉහළම මාලයට යන තෙක් ඒවායේ ඇත්තේ කුරුස මුළුය. අගුණයක්ද නැත. කොන්ක්‍රීට් යොදා ශක්තිමත් කම්බි යොදා සාදන ලද එම ගොඩනැගිලි සඳහා මේ කුරුස තහනම් ක්‍රමය වලංගු නැත. එසේ නම් දැන් සාදන නිවෙස්ද කොන්ක්‍රීට් හා ශක්තිමත් කම්බි යොදා සාදන බැවින් සාමාන්‍ය නිවෙස්වලටද එය බලනොපානු ඇත.උළුවස්සට ඉහළින් යටලී තැබීම නොකළ යුතුවන්නේ ද පෙර කලය. දැන් උළුවසු හා ජනෙල් මට්ටමට ඉහළින් සෑම නිවසකම කොන්ක්‍රීට් කඳක් යොදා ඇත. නැතිනම් උළුවහු උඩ කඳට යට ලීයේ බර දැනී ලීය පහත් වී දොර වැසීමට බාධා ඇති වනු ඇත. නමුත් ඒ බිය තුරන් කළ යුතුවේ. ගෘහමූලිකයා මියයාමට හෝ ඔත්පලවීමට මෙය හේතුවක් ලෙස දැක්වීම තවමත් පුරුද්දක් කරගත් අයගෙන් උපදෙස් නොගැනීම ගුණදායකය.

ළිඳට මුළු වැටීම පිළිබඳව කතාකිරීමේ දී වැරදි ස්ථානයක ළිඳ කැපීමෙන් ගෙහිමියා වළකනු පිණිස ඉතා ඥානවන්ත පුද්ගලයින් විසින් ප්‍රකට කළ පණිවිඩයකි. මැටි සහ කබොක් අත්තිවාරම ආසන්නයේ ළිං කැපීම හෝ වළවල් හෑරීම නොකළ යුතුය. බිත්තියට ආසන්නව පිහිටි ළිඳේ කන්ඩිය ඛාදනය වී බිත්තිය දක්වා පැමිණ දුර්වල අත්තිවාරම ඛාදනය වී වහලේ බර සහිත බිත්තිය කඩාවැටීමට ඉඩ ඇති බැවින් ළිඳ බිත්ති මුල්ලෙන් ඈත් කිරීමට පැරණි මිනිසුන් ගත් පියවරක් ලෙස මෙය හැඳින්විය යුතුය. නූතන වාස්තුකාරයින් නොදන්නා මෙම සරල දෙය ඉතා ඥානවන්තව ජ්‍යාමිතිය උපයෝගී කරමින් රේඛා ඇඳ ළිඳ කැපිය යුතු ස්ථානය පෙන්වාදීමට පැරැන්නෝ සමත් විය.

ඉදිරි දොරින් බැලූ කල පසුපස දොරින් පිටත පෙනෙන්නේ නම් එය වහා වෙනස් කළ යුතු බව පවසා ඇත්තේ, නිවස ඉදිරියට පැමිණ ගේ තුළ බලන කෙනෙකුට ගෙය හරහා පිටුපස ප්‍රදේශ‍ය ද දැක ගැනීමට හැකිවීමෙන් ගේ තුළ පෞද්ගලිකත්වය නොරැකෙන බවද සොර සතුරන් හට නිවසේ පිහිටීම හොඳ හැටි අවබෝධ කර ගැනීමට හැකිවන බවද වටහාගත් බැවිනි. එහි වෙනස් අද්භූත හේතුවක් හෝ මරණයකට හේතුවක් දැක්වීම විද්‍යාත්මක නොවේ.

ස්ටීවන් කුරුකුලසූරිය මහතාගේ ඇසුරිණි.

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Lifestyle සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

blog featured Lifestyle pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් ට දරුණු රිය අනතුරක්
Next Article අසීරු අවස්ථාවේ ණය හිමියන්ට සහන සලසන ලෙස බැංකුවලට උපදෙස්
Buzzer Editor
  • Facebook

Related Posts

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී

June 3, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 3, 20262 Views

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

By Buzzer EditorialJune 3, 202602 Views

අප්‍රේල් සහ මැයි යන මාසවල රාජ්‍ය සේවකයින් සඳහා නිකුත් කරන වාර ප්‍රවේශ පත්‍ර නිසි පරිදි…

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී

June 3, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු
  • ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
  • අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්
  • ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී
  • සලේගේ මෝසම හෙට දින කැඳවීමට නියෝග
  • යෝෂිතගේ පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කෙරේ
  • ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි – මෙහෙයුම් නවතී
  • පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව කල් තබයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.