නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ මහජන මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් අද (23) පැවැත්වී තිබෙනවා.
ස්ථාවර නියෝග 121 ප්‍රකාරව පසුගියදා තේරීම් කාරක සභාව විසින් ගනු ලැබූ ඒකමතික තීරණයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එම කාරක සභාවේ සභාපතිත්වයට පත්කර තිබෙනවා.
මේ අනුව 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා ඇති අතර ඒ සඳහා අනුමැතිය හිමිවී තිබෙනවා.