වැලිගම ගලාකන්ද කොලොන්දණ්ඩ ප්රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි තරුණයකුට පහර දී ඝාතනය කළේ යැයි කියන දාසය හැවිරිදි බාලවයස්කාර දරුවන් දෙදෙනකු ඇතුළු හය දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් අය අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ද සිටින බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ පහර දී ඝාතනය කර ඇත්තේ එම්. එච්. සමුරංග නැමැති නැමැති අයෙකි. මොහු මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වා මාර්ගයේ ගමන් කරමින් සිටියදී කාන්තාවක සමග ඇතිකර ගත් ආරවුලක් දුර ගිය යාමෙන් මෙම පහරදිම සිදු කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම කාන්තාව කරන ලද දැනුම් දීමක් මත ඇගේ පුතුන් දෙදෙනා ඇතුළු පිරිසක් පැමිණ මෙම තරුණයාට අමානුෂික ලෙස පහර දී ඇතැයි පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් අය අතර ඇයගේ පුතුන් දෙදෙනා ද සිටින බව පොලීසිය වැඩිදුරටත් කීය,
අත්අඩංගුවට ගත් හයදෙනා අවුරුදු 16, 21, 23 සහ 32 දෙ හැවිරිදි වියේ පසු වන්නෝ වෙති. (ලංකාදීප)