පෑලියගොඩ පොලිසිය විසින් පෑලියගොඩ මීගමුව මාර්ගයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අසළ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 30කට අධික වටිනාකමකින් යුත් කොකේන්, කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් පොලිස් නිලධාරීන්ට යන්න දෙන්නට රුපියල් මිලියන 3ක් අල්ලස් දීමට උත්සාහ කර ඇත.
කොකේන් කිලෝවක්, හෂීස් කිලෝ විසිහතරක් සහ කුෂ් කිලෝ අටක්, ජීප් රථයක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
පෑලියගොඩ පොලිසියේ රාත්‍රී ජංගම මුර සංචාරයේ නිළධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත. පුද්ගලයන් කිහිප දෙනෙකු ත්‍රිරෝද රථයකින් භාණ්ඩ කිහිපයක් ජීප් රථයට පටවාගෙන එන අයුරු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ සිදුකළ වැඩිදුර විමර්ශනවලදී ත්‍රිරෝද රථයේ තිබී කාඩ්බෝඩ් පෙට්ටි තුනක් සහ ගමන් මලු 4ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය බෑග්වල සහ කාඩ්බෝඩ් පෙට්ටිවල ගබඩා කර තිබූ බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් මුදා හැරීම සඳහා පොලිස් නිලධාරීන්ට රුපියල් මිලියන 3 ක අල්ලසක් දීමට උත්සාහ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ත් 49 ත් අතර වයස්වල පසුවන නාත්තන්ඩිය සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන්.