Crop Circle නොහොත් බෝග කව යනුවෙන් හඳුන්වන්නේ, නොදන්නා බලයක් මඟින් තිරිඟු වගා භූමියක හෝ වෙනත් වගා භූමියක, බෝග සමතලා කිරීමෙන් නිපදවන ජ්‍යාමිතික රටාවන්ටය. (බොහෝ භෝග කව නිසැකවම මිනිසා විසින් සාදන ලද ඒවා බව සොයා ගෙන ඇත. නමුත් ඇතැම් භෝග කව, මිනිසාට කල නොහැකි මට්ටමේ අති දැවැන්ත රටාවන් වේ.)
මේ ඇති විශාල බෝග කව වල, ඉතා සුමට ලෙස පැල තලා දමා ඇති ආකාරය සහ ශාක කද අග්‍රයේ ඇති පිලිස්සී ගිය සලකුණු, මිනිසා විසින් සමතලා කිරීමෙන් ලබා ගත නොහැකි දේවල් වේ. MIT විශ්ව විද්‍යාලයේ සිසුන් විසින්, ගොවියන්ගේ ආයුද උපකරන බාවිතා කර, මෙම බෝග රටාවන් නැවත ප්‍රතිනිර්මාණය කිරීමට උත්සහ ගත්තත්, එය අසාර්ථක වී තිබේ. මෙම සංසිද්ධිය සාක්ෂාත් කරගත හැක්කේ, කුමන උපකරණ හෝ කුමන ක්‍රමවේදයන් භාවිතා කිරිමෙන්දැයි, තවමත් පැහැදිලි කිරීමක් ලෝකයේ නොමැත.


මේ බෝග කව නිර්මාණය වීම ආරම්භ වුනේ බටහිර එංගලන්තයේ විල්ට්ෂයර් වල වන අතර, එහි ප්‍රසිද්ධ සුදු අශ්ව කන්ද(White Horse Mountain) සහ ප්රාග් ඓතිහාසික ස්ටෝන්හෙන්ජ්(Stonehenge) ද විය. බෝග කව පිළිබඳ මුල්ම වාර්තාව 1980 ගණන් වල වාර්තා වූ අතර නිශ්චිත වේලාව සහ ස්ථානය නිශ්චය කර ගැනීමට නොහැකි වී ඇත. බෝග කව වල මුල්ම වාර්තාව 1678 දී නැගෙනහිර එංගලන්තයේ හර්ට්ෆර්ඩ්ෂයර්හි “යක්ෂයා” නමින් ලී කොට මුද්‍රණයක තිබෙන බව, ඇතැම් විචාරකයෝ පවසනු ලබයි.

1991 දී, විහිළු කරුවන් දෙපලක් වන ඩග් බෝවර් සහ ඩේව් චෝර්ලි යන ය විසින්, 1978 දී ලී කැබැල්ලකින්, ලණුවකින් සහ බේස්බෝල් තොප්පියකින් සමන්විත සරල මෙවලම් භාවිතයෙන්, මෙම සංසිද්ධිය ආරම්භ කළේ තමන් බව පවසමින් මාතෘකා බවට පත් වූහ. කෙසේ වෙතත්, බොහෝ බෝග කවයන්, එම දෙදෙනාගේම වැඩක් විය නොහැකි බව ඉතාමත් පැහැදිලි වේ. එපමණක් නොව, ඔවුන්ට පැහැදිලි කළ නොහැකි සංසිද්ධි කිහිපයක් ද මේවා අතර තිබේ. උදාහරණයක් ලෙස, සමහර බෝග කව වල විකිරණශීලතාව, බාහිර බෝග කව වලට වඩා බලවත් ය. ඇතැම් බෝග කව රටාවන්, නැවත ප්‍රතිනිර්මාණය කරන කෙනෙකුට, ප්‍රසිද්දියේ විශාල ත්‍යාග මුදලක් ප්‍රකාශයට පත් කර තිබුනත්, කිසිවෙකුට එය කල නොහැකි විය.
එම නිසා මේ භෝග කව වලට හේතුව පිළිබඳව විවිධ මත පවතී. සමහර අය සිතන්නේ එය කෘතීමව සෑදු බවයි, සමහර අය සිතන්නේ එය ස්වාභාවික සුළි සුළං හෝ වෝල්ටීයතා ක්ෂේත්‍ර වලින් සෑදු බවයි, සමහරු සිතන්නේ එය පිටසක්වල ජීවීන් විසින් සිදු කළ බවයි.
ඔබ සිතන්නේ මේවා කොහොම නිර්මාණය වුනා කියලද?
Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.