පසුගිය ජනවාරි මාසයේ දී බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ හමුදා කුමන්ත්රණයකින් බලය අත්කරගෙන සිටි හමුදා නායක ලුතිනන් කර්නල් පෝල් හෙන්රි දමිබා බලයෙන් පහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට තුළ ඇතිව තිබෙන ඉස්ලාමීය ජිහාඩ් කැරැල්ලක් මැඩපැවැත්වීමට හමුදා නායකයා අපොහොසත් වීම මත මෙලෙස ඔහු බලයෙන් පහ කර ඇති බවයි සඳහන් වන්නේ.
එරට හමුදාවේ ප්‍රකාශකයෙකු හමුදා නායකයා බලයෙන් පහ කළ බව රූපවාහිනි මාධ්‍ය ඔස්සේ පවසා තිබුණා.