ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 2 ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 183 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mehidy Hasan Miraz ලකුණු 38 ක්, Afif Hossain ලකුණු 39 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 2 ක්, චාමික කරුණාරත්න කඩුලු 2 ක්, දිල්ෂාන් මදුෂංක, මහේෂ් තීක්ෂණ, අසිත ප්රනාන්දු එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම 20 වන පන්දුවාරයේදී කඩුලු 8 ක් දැවී සිටියදී සිය ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 60 ක්, පැතුම් නිස්සංක ලකුණු 20 ක්, දසුන් ශානක ලකුණු 45 ක්, චාමික කරුණාරත්න ලකුණු 16 ක් හා ශ්රී ලංකාව ජයග්රහණය සඳහා කැඳවාගෙන ගිය අසිත ප්රනාන්දු ලකුණු 10 ක් ලබා ගැනීමට සමත් වුණා.