අද (05) උදෑසන සිට ආරම්භ කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හැර දැමීමට පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම් තීරණය කර තිබෙනවා.
QR කේතය මඟින් ලබාදෙන ඉන්ධන කෝටාව ප්රමාණවත් නොවන බව පවසමින් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය මෙම වර්ජනය ආරම්භ කර තිබුණා.
කෙසේ නමුත් බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී පෞද්ගලික බස් රථ සඳහා ප්රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවට පැවැති එකඟතාවය මත මෙම වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි ඔවුන් සඳහන් කළේ.