භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම, අලෙවි කිරීම, ගබඩා කිරීම, විකිණීම සහ රැස් කිරීම සම්බන්ධයෙන් කොන්දේසි කිහිපයක් පනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
භාණ්ඩ 48 ක් මෙම ගැසට් නිවේදනය සඳහා ඇතුළත් කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ.
ඒ අනුව සත්ව ආහාර, බෝතල් කළ පානීය ජලය, ටින් මාළු, සිමෙන්ති, පරිප්පු, ළදරු නැපි හා සනීපාරක්ෂක තුවා, පොල්තෙල්, ලුණු, බිත්තර, පොහොර, කිරිපිටි, සහල්, වානේ, තිරිඟු පිටි සහ මෝටර් රථ අමතර කොටස් ඇතුළු භාණ්ඩ 48 ක් සඳහා මෙලෙස කොන්දේසි කිහිපයක් පනවා තිබෙනවා.
අදාළ භාණ්ඩ සහ කොන්දේසි ඇතුළත් ගැසට් නිවේදනය පහතින්,


