මැයි 09 වැනි දින ශ්‍රී ලංකාවේ ඇති වූ නොසන්සුන්තාවයෙන් විනාශ වූ තම නිවස නැවත ඉදිකර දීමට ගම්පහ ප්‍රදේශවාසීන් ඉදිරිපත් වී සිටින බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර සිය සමාජ ජාල පිටුවෙන් හෙළි කර තිබේ.
හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි තම නිවස නැවත ඉදිකිරීම සඳහා ප්‍රදේශවාසීන් 300කට අධික පිරිසක් සහය වන බවයි ඔහු සඳහන් කළේ.
නව නිවස ඉදිකිරීමේ කටයුතු ඊයේ ආරම්භ කළ බව පවසමින් මන්ත්‍රීවරයා තමන්ට උපකාර කිරීම සම්බන්ධයෙන් ජනතාවට හෘදයාංගම ස්තුතිය පළ කළේය.