උත්තරීතර පාර්ලිමේන්තුව රකිමින් යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරයට මහජන නියෝජිතයින්ද සිය වගකීම ඉටු කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා.
පසුගිය ජූලි 13 වැනි දින අරගලකරුවන් විසින් පාර්ලිමේන්තු සංකීර්ණය සිය ග්රහණයට ගැනීම සඳහා දියත් කළ විරෝධතාව මර්දනය කරමින් පාර්ලිමේන්තු සංකීර්ණය ආරක්ෂා කළ රණවිරුවන් ඇගයීම වෙනුවෙන් අකුරේගොඩ යුදහමුදා මූලස්ථානයේ අද (09) පැවති ජනාධිපති ප්රණාම සහතික ප්රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළා.