‘ද වයර් (The Wire)’, ‘ද ෆ්රින්ජ් (The Fringe) යන රූපවාහිනී කතාමාලාවන් මෙන්ම, ‘ජෝන් වික්’ චිත්‍රපට මාලාවෙන් ද අතිශය ජනප්‍රිය වුණු ඇමෙරිකන් රංගන ශිල්පී ලාන්ස් රෙඩික් (Lance Reddick) දිවි මඩලෙන් සමුගත්තේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 60 කි.
ලාන්ස් රෙඩික් මියගොස් ඇත්තේ ලොස් ඇන්ජලීස් නුවර ඔහුගේ නිවසේ සිටිද්දීය. එය ස්වභාවික මරණයක් බව මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කිසිවක් මෙතෙක් අනාවරණය වී නැත. (රොයිටර්)
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.