ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජුලි මාසයට අදාළව නම් කරන ලද ‘මාසයේ ක්‍රීඩකයා’ ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නම් කර ඇත.
වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පැවති තරඟාවලිය තුළ පළමු ඉනිමේදී ලකුණු 118 ට කඩුලු 6 ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 59 කඩුලු 6 ක් බිඳ හෙළීමට සමත් වුණා.
එසේම පකිස්ථානයට එරෙහි තරඟාවලියේදීද ඔහු දස්කම් දැක්වීම හේතුවෙන් මෙලෙස ජුලි මාසයට අදාළව මාසයේ ක්‍රීඩකයා සඳහා නිර්දේශවී තිබුණා.