මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (07)රාත්‍රී 07.44ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා පෙරහර ගමන් ආරම්භ කර වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 11 වැනිදා පැවැත්වීමට නියමිත අතර අනතුරුව 12 වැනි දා දහවල් පෙරහරින් පසු මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය අවසන් වීමට නියමිතයි.