පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නැගෙනහිර ලාහෝර් නගරයේ විරෝධතා පා ගමනක් අතරතුර වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති නමුත් කිසිවෙකු මිය ගොස් නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
හිටපු අගමැති ඉම්රාන් ඛාන් කඩිනමින් මැතිවරණයක් ඉල්ලා මෙලෙස විරෝධතාවයට එක්වී ඇති අතර ඔහුව ඝාතනය කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි ඔහුගේ PTI පක්ෂ සමාජිකයින් සඳහන් කරන්නේ.
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.