2023 වසර සඳහා දිවයින පුරා පිහිටි රජයේ පාසල්වල සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නොමිලේ පාසල් පෙළපොත් ලබා දෙනු ඇත.
රජය විසින් ඒ සඳහා වෙන් කල මුදල රු. මිලියන 16,483 කි. පෙළපොත්වලින් සියයට 45ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් මුද්‍රණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. පෙළපොත්වලින් සියයට පනස් පහක් පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කරන බව කුරුණෑගල දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන අධ්යක්ෂ ඩබ්ලිව්.එම්. බාලසූරිය මහතා පැවසීය. ලබන 2023 වසර ආරම්භ වීමට පෙර සිසුන් සඳහා පෙළපොත් මුද්‍රණය කිරීම කඩිනම් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමයන්ත මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව සිකුරාදා කුරුණෑගල පළාත් අධ්‍යාපන කාර්යාලයේ පැවති කුරුණෑගල දිස්ත්‍රික් පාසල් ප්‍රධානීන්ගේ රැස්වීමකදී බාලසූරිය මහතා පැවසීය.