ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල තානාපති බාෂු දේව් මිෂ්රා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ අනුව මෙරට සංචාරක සහ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපන අවස්ථා ලබාදීම පිළිබඳ නේපාලය සමග ද්වීපාර්ශවික එකඟතාවකට පැමිණීම සම්බන්ධයෙන් වන මුලික සාකච්ඡාවක් පවත්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ සංචාරක අවස්ථාවන් සඳහා සම්බන්ධවීමට දෙරටේ තරුණ තරුණියන්ට අවස්ථාවක් ලබාදෙමින් තරුණ හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ එකඟතාවකට පැමිණ තිබෙනවා.