ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මහල් කීපයකින් සමන්විත රථගාලක් සහිත ගොඩනැගිල්ලක් හිටිහැටියේ කඩා වැටීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බවත් සිවු දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් මාධ්‍ය වාර්තා කරයි. ගොඩනැගිල්ල අභ්‍යන්තරයෙන් බිම් මහල තෙක් කඩා වැටී ඇතත් පිටත සැකිල්ලට කිසිඳු හානියක් සිදුවී නැතැයි නිව්යෝක් නගර බලධාරීහු පවසති.
සමාජ මාධ්‍ය ගොඩනැගිල්ල කඩා වැටී තිබෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සංසරණය වන අතර, එහිදී කොන්ක්‍රීට් තට්ටු ඉරිතලා කඩා වැටීම හේතුවෙන් වාහන වලට හානි වී තිබෙන දැකගත හැකිය. මියගියේත් තුවාල ලැබුවේත්, රථ ගාලේ සිටි සේවකයන්ය. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.
ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව නගර බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.